Wednesday, June 26, 2019

නැණස ස්මාර්ට් ස්කූල් වැඩසටහන

ගරු විදුහල්පති පිටවල සාරානන්ද හිමියන්ගේ මගපෙන්වීම යටතේ නැණස ස්මාර්ට් ස්කූල් වැඩසටහන පිළිබදව පාසලේ ගුරුවරු හා සිසුන් කුඩා කණ්ඩායම් ලෙස ගෙන දැනුවත් කිරිමේ හා පුහුණු කිරිමේ වැඩසටහන් මේ දිනවවල  පාසලේ පැවැත්වෙන අතර මේ සදහා ගුරුවරුන්ගේ හා සිසුන්ගේ දැඩි  උද්යෝගයක්  දකින්නට  ලැබෙනවා.ඒ අනුව පාසලේ ගුරුවර ගුරුවරියන් කණ්ඩායම් අනුව පුහුණු කිරීමේ වැඩසටහන පාසල් වේලාවෙන් පසුව ක්‍රියාත්මක විය.



ණැනස ස්මාර්ට් ස්කූල් වැඩසටහනට නිරන්තරයෙන් අපට සහයොගය හා මගපෙන්වීම ලබාදෙන HEADSTART ආයතනයේ නියොජිත මහතුන්ගේ පැමිනීම අද සිදුවූ අතර ඔවුන් හරහා පසල තුල ක්‍රියාත්මක වීමට නියමිත LMS මෙහෙයුම් පද්ධතිය පිලිබදව ගුරු මහත්ම මහත්මීන් දැනුවත් කිරිම සිදුවිය.ඉතා දුර බැහැර සිට අප පාසලට පැමිනි ඔවුන් හරහා ඉදිරි වැඩසටහන් පිලිබද සහ ගුරුවරුන් සාම්ප්‍රදායක හා යල්පැන ගිය ගුරු කේන්ද්‍රීය ඉගැන්වීම් වෙනුවට තාක්ශණය කොතරම් සාර්තකව ඉගෙනුම් ඉගැණ්වීම් ක්‍රියාවලියට යොදාගත හැකිද යන්න ප්‍රායොගිකවම ගුරුවරුන් වෙත පෙන්වාදෙනු ලැබුනා.